පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑල වෙත භාර දීම ලබන 21 වැනිදා සිදු කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් 25 වැනිදා පැවැත්වීම සදහා විශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම වැඩි දුරටත් සදහන් කරයි .
එමෙන්ම මාර්තු මස ඇතුළත තැපැල් ඡන්ද විමසීම සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.