තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් මුද්‍රණය කර අවසන් .

පළාත් පාලන ආයතනයේ තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් මේ වන විට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඇය ප්‍රකාශ කරන්නේ ආයතනය සදහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව නිසි පරිදී නොලැබෙන බවයි. නිසි පරිදි පොලිස් ආරක්ෂාව ලබා දෙන්නේ නම් දින 4 ක් ඇතුළත ඉතිරි තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ හැකි බව ඇය ප්‍රකාශ කරන ලදී.

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පොලිස් නිලධාරීන් 60 දෙනෙකුගේ පමණ ආරක්ෂාවක් අවශ්‍ය බවත් ඊයේ (15) දිනයේදී පොලිස් නිලධාරීන් තිදෙනෙක් පමණක් ආරක්ෂාව සදහා ලබා දුන් බවත් මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

Exit mobile version