තැපෑලත් සීමා වෙයි.

කොවිඩ් පැතිරීම වැඩි වීමත් සමගම තැපැල් සහ උප තැපැල් කාර්යාල සතියකට දින 4 ක් පමණක් විවෘතව තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන තැපැල්පති සහ උප තැපැල්පති එච්. හේවගේ මහතා කියා සිටින්නේ මධ්‍යම තැපැල් හුවමාරුව මඟින්  ලබන ඊඑම්එස් ජාත්‍යන්තර කුරියර් සේවාව, ස්පීඩ් පෝස්ට් සේවාව, විදේශ පාර්සල් සේවාව හා මුද්දර මුද්‍රා අංශය සාමානය පරිදි ක්‍රියාත්මක කෙරෙන බවය. ඒ අනුව සඳුදා, අඟහරුවාද, බ්‍රහස්පතින්දා, සහ සෙනසුරාද පමණක් තැපැල් සේවාව ක්‍රියාත්මක වනු ඇත.  

Exit mobile version