පාකිස්ථාන නාවික හමුදාවට අයත් තිප්පු සුල්තාන් නෞකාව නිල සංචාරයක් සඳහා අද (18) උදෑසන කොළඹ වරායට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙසේ පැමිණි නෞකාව නාවික හමුදාව විසින් සාම්ප්‍රදායානුකූලව පිළිගෙන තිබේ.
තිප්පු සුල්තාන් නෞකාවේ නාවිකයන් 168 දෙනෙකු සිට ඇති අතර එහි අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ජාවාඩ් හුසෙයින් ටී කටයුතු කරන බව සඳහන්.
මොවුන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ බටහිර නාවික විධානයනට අයත් මුහුදු තීරයේ දී නාවික අභ්‍යාසවල නිරත වීමට නියමිතව තිබෙන අතර නිල සංචාරය අවසන් කර තිප්පු සුල්තාන් නෞකාව අනිද්දා (20) වන දින මෙරටින් පිටව යාමට නියමිත බව වාර්තා වේ.