තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි.

අද (16) උදෑසන කාලයේදී වැලිගම උයන්කන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුව ඝාතනය කර තිබේ.

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා සහ සැකකරු සංචාරක හෝටල් දෙකක් පවත්වාගෙන යන අතර අද දින හෝටල් දෙකට යාබදව වෙරළ ආසන්නයේ පිහිටි ගසක් කැපීම හේතුවෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් සැකකරුගේ බිරිඳ, දරුවන් සහ ඥාතීන් විසින් මරණකරුට පහරදී තිබේ.

එම අවස්ථාවේදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට හෙළිවී තිබේ.

මේ පිළිබඳව වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version