තිරුකුමරන් යළිත් අල්ලස් කොමිසමට

පැන්ඩෝරා පත්‍රිකා අතර පැවති ශ්‍රී ලාංකික නාමයක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා තිරුකුමරන් නඩේෂන් අල්ලස් කොමිසම විසින් සිදු කරන ලද කැඳවීමකට අනුව අද යළිත් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඇත.

අද දිනයේ ද ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙලෙස අල්ලස් කොමිසම වෙත කැඳවීමක් සිදු කර ඇත.

පසුගිය දිනක ද ඔහු කොමිසමෙන් කරන ලද කැඳවීමකට අනුව පැමිණ පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ ලබා දි තිබුණි.

Exit mobile version