තිරුකුමාර් නඩේෂන්ට අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවීමක්

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙට (08) පෙරවරුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එම කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පවසා ඇත.

පසුගිය දා පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ තොරතුරු අතර ඔහුගේ නමද සඳහන් වී ඇත.

එහිදී මෙම පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව මගින් අනාවරණය වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට අල්ලස් හෝ දූෂන කොමිෂන් සභාවට ජනපති විසින් නියෝග කර ඇති අතර ඒ අනුව හෙට දිනයේ දී තිරුකුමාර් නඩේෂන් මහතාට මෙම කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දන්වා ඇත.

Exit mobile version