අද (08) දිනයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.
ඒ පැන්ඩෝරා පත්‍රිකා ඔස්සේ සිදු කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙනි.
එම කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පැවසුවේ අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බවයි.