කාලයත් සමග යටපත්ව ගිය බිලියන 33ක වංචාවක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සහ ETI තැම්පත්කරුවන් සුරැකීමේ සංගමයේ සභාපතිනිය අනූෂා ජයන්ති මහත්මිය සමග කරන ලද හෙළිදරව්ව පහතින්.
මේ දිනවල සියල්ලන්ගේ අවධානය යොමුව ඇත්තේ තිලිණි ප්රියාමාලිගේ මූල්‍ය වංචා පිළිබඳව වන අතර මීට ඉහතදී මෙරට සිදු වූ බිලියන ගණනක මූල්‍ය වංචා සම්බන්ධයෙන් කිසිවෙකු අවධානය යොමු නොකරයි.
ETI සමස්ත මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් බිලියන 33ක් වන බව ඇය මෙහිදී පෙන්වා දී ඇත. ETI ආයතනය විසින් කරන ලද මුල්‍ය වංචාව හේතුවෙන් අසාධාරණයට ලක්වූ ජනතාව තවමත් එම පාඩුව විඳිමින් සිටියි.නමුත් කිසිවෙක් ඒ පිළිබඳ කටයුතු නොකරන අතර මෙම වංචාව සම්බන්ධයෙන් මේ වනතෙක් නඩුක් හෝ ගොනු කිරීමට ද මහ බැංකුව අපොහොසත්ව ඇත.
සෝමා එදිරිසිංහ ඇතුලු එම ආයතනයේ සියලු ප්‍රශ්න යටගැසීමට රාජපක්ෂ රෙජිමය සහය ලබා දී ඇති අතර එහි ප්රමුඛ ස්ථානයක් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ලබා ගනියි.
මහ බැංකු නිලධාරීන්ට එදිරිසිංහ පවුලෙන් හිමිවන වරප්‍රසාද හමුවේ මෙම වංචාවන් යටගසා අහිංසක ජනතාවගේ මුදල් වංචා කිරීමට සහය ලබා දී ඇති අයුරුද සාක්ෂි ඇතිව ඔප්පු ඇය මෙහිදී සඳහන් කළේය.
වසර 06ක් පුරාවට දිගින් දිගට ඇදෙන මෙම නඩුව තුළ කී දෙනෙකුගේ නම් විලාපයන් තැන්පත්ව ඇත් ද.මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය පහහතින්,