කෝටි ගණනක විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු තුළින් මේ වන විට තොරතුරු රාශියක් අනාවරණය වෙමින් පවතියි.
එහිදී නවතම අනාවරණයන්ට අනුව තිලිණි ප්‍රියමාලි විසින් සිදුකරන ලද මූල්‍ය වංචාවල සමස්ත වටිනාකම රු.කෝටි 128කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
ඇය සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 12ක් පමණ ලැබී ඇති බව ද ඔහු පෙන්වා දී ඇත.