කෝටි ගණනක මුදල් වංචාව සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලිගේ චෝදනාවට සම්බන්ධ බවට සැකකරමින් ජානකී සිරිවර්ධනත් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ-කොටුව පිහිටි ඇයගේ කාර්යාලයේදී අද (04) පෙරවරුවේ ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරන ලදී.
කෙසේ නමුත් මෙම තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාව පිටුපස සිටින මහ මොළකරුවෙක් වශයෙන් මීට ඉහතදී ජානකී සිරිවර්ධනගේ නම අවස්ථා කිහිපයකදී ම විවිධ පුද්ගලයින් විසින් ප්‍රකාශයට පත්කරන ලදී.