තිස්සගෙන්,  තරුණයන් වෙනුවෙන් නව ජාතික ප්‍රඥප්තියක්!

දේශපාලන ලැයිස්තුවෙන් රැකියා දීම, විවිධ දේශපාලනඥයන් හරහා උසස්වීම් ලබා ගැනීම, දේශපාලඥයන හරහා ස්ථාන මාරුවීම් ආදිය ලබා ගැනීමෙන් සමස්ත රටේම සිටින සියලුම දෙනා ආණ්ඩු මාරුවීම් සමග පිඩා විදින බවත්, ඒවා නැවැත්වීම ජාතික වශයෙන්ම අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් දේශපාලනයෙන් තොරව තරුණයා ශක්තිමත් කල යුතු බවද ජාතික ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරන ලදී.

ඒ වෙනුවෙන් තරුණයා මුලික කරගත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ජාතික තරුණ සංවර්ධන ප්‍රඥප්තියක් සකසන බවත්, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස හෝ එය පාර්ලිමේන්තුවට ඉදිරපත් කරන බවත් ඒ මහතා පැවසීය. එය දේශපාලනික ඉලක්කයක් නොවන බවත්, වර්තමානයේ සියලුම විනාශවීම් වලට හේතුව එවැනි අත්‍යාවශ්‍යම අණ පනත් නිර්මාණය වි නොතිබීම බවත් පෙන්වා දෙන ලදී.

දේශපාලනික සාකච්ඡාවක් ලෙස නොව, විද්වත් සාකච්ඡාවක් ලෙස පැවති එම වැඩසටහන ඔබට පහතින් නැරඹිය හැකිය.

Exit mobile version