තිළිණගෙන් තිළිණිට ඇප

පසුගිය සමයේ විශාල වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වන මුල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිලිණි ප්‍රියමාලිට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඇප නියම කර තිබුණි.

ඒ අනුව ඇයට අධිකරණය හමුවේ ගොනුකර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව ඇප හිමි විය.

එමෙන්ම රුපියල් බිලියන ගණනක් වන විවිධ මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමුහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂිකා තිලිණි ප්‍රියමාලිට එරෙහිව විවිධ ප්‍රදේශවල අධිකරණ තුල විභාගයට ගැණුනු නඩුකර 08 කට මිට පෙර ඇප හිමි වී තිබේ.

මිට අමතරව රුපියල් පනස්දහසක මුදල් ඇපයක් හා රුපියල් මිලියනයක ශරීර ඇපයක් මත මෙලෙස තිලිණි ප්‍රියමාලි ව නිදහස් කර තිබෙන අතර අදාළ ඇපකරුවන්ගේ පදිංචි සහතික සහ වත්කම් සහතික ඉදිරිපත් කලයුතුව තිබේ.

එසේම විදේශ ගමන් තහනමක්ද පනවා ඇති අතර ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යැවිය යුතු බවත්,සෑම මසකම අවසාන ඉරුදින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් අධිකරණය විසින් නියෝග කර ඇත.

තවද ගිනිගෙන විනාශ වූ චෙක්පත්වලට අදාළ මුදල්ද ගෙවිය යුතු බවට අදිකරණය විසින් දැඩි ලෙස අවවාද කර තිබේ.  

Exit mobile version