ආර්ථිකය පිළිබඳ තුන්කල් දකින නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හැදින්විය හැකි බවත් , යුරෝපීය රටක සිටියා නම් මුළු ජීවිත කාලය පුරාම රාජ්ය නායකයා ලෙස තබා ගන්නා බවත් , එවැනි රාජ්ය නායකයකු ශ්රී ලංකාවට සම්පතක් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබෙිවර්ධන මහතා අරලියගහ මන්දිරයේ අද (21) පැවති 2024 අයවැය යෝජනා සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සහ සිවිල් සංවිධාන ක්රියාකාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාව අමතමින් ප්රකාශ කළ බව වාර්තා වේ .
ශ්රී ලංකාවට ආර්ථික නිදහස ලබාදුන් ජාතික නායකයා රනිල් වික්රමසිංහ මහතා බවත් , ආර්ථික අර්බුදය මාස 18ක් වැනි කෙටි කාලයකින් ජයගෙන ශ්රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් කරා ගෙන යාමට ඉදිරි දශකය ඇතුලත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට හැකි බවත් මන්ත්රීවරයා ප්රකාශ කරන ලදී .