අද (31) දින පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ඉතා පහසු ජයක් නවසීලන්ත කණ්ඩායම විසින් ලබා ගන්නා ලදී.
පළමු තරගයෙන්ද අමිහිරි පරාජයක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අතර ඔහුන් පන්දු ඕවර 41.3කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 157ක් පමණි.
නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 5ක් තුලදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 159ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කර ගැනීමට සමත් විය.
එහිදී නවසීලන්තය වෙනුවෙන් අගනා පිතිහරඹයන් ක්‍රියාත්මක කල වීල් යෝඋන්ග් නොදැවී ලකුණු 86 ක් හා හෙන්රි නිකොලස් නොදැවී ලකුණු 44 ක් රැස්කර ගෙන තිබේ.