තුර්කියේ ඉස්තාන්බුල් අධිකරණයට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ බව තුර්කියේ පොලිසිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එම ප්‍රහාරය එරට වාමාංශික ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වන විප්ලවවාදී මහජන විමුක්ති පෙරමුණ නමැති කණ්ඩායමක් විසින් සිදු කළ බවට තුර්කි රජය චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.
ඊයේ උදෑසන සිදු වූ මේ සිදුවීමේදී පොලිස් නිලධාරීන් තිදෙනකු ඇතුළු 6 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
ඉස්තාන්බුල් අධිකරණය අසල ආරක්ෂක මුරපොළකට වෙඩි තැබීමෙන් පසු එම වෙඩික්කරුවන් සමඟ පොලිසිය වෙඩි හුවමාරුවක නිරත වූ බවත්, එහිදී ඔවුන් දෙදෙනා ඝාතනයට ලක් වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මේ වන විට අධිකරණ භූමියට දැඩි ආරක්ෂාව යොදා ඇති අතර, අවට මාර්ග කිහිපයක් ද වසා දමා විශේෂ සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ.
(දිනමිණ)