තෙල්දෙනියේ කඩකාමරවලට රාජ්‍ය ආයතන අතර ආරවුලක්!

විසඳුම් හොයන්න කොමිටියක්! . ආණ්ඩුකාර වරයා  කඩිනම් වාර්තාවක්  ඉල්ලයි!. ආයතන රැසක නිළධාරින් දේශපාලකයන් අතර නොවිසඳෙන මත ගැටුම් !

තෙල්දෙණිය බස් නැවතුම්පොල (ලංගම) ආසන්නයේ ඉදිකරන ලද සාප්පු සංකීර්ණයේ කඩ කාමර සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන අතර දීර්ඝ කාලයක් තිස්සේ ඇති ආරවුල මේ වන තුරු විසඳා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ශ්ව රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති .

දිර්ඝ කාලයක් තිස්සේ නොවිසිදුනු ගැටලු විසදීම සදහා සියලු පාර්ශ්ව කැඳවා කරුණු විමසීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ මහතා පියවර ගත්තේය .

මහවැලි අධිකාරිය විසින් ඉදිකරන ලද මෙම සාප්පු සංකීර්ණයේ කඩ කාමර , පොළ භූමිය, ක්‍රීඩාගාරයේ ඉහල නිර්මාණයට යෝජනා වූ කඩ කාමර,  එම භුමියේ ඇති කිරි හල ආදී  ව්‍යාපාරික ස්ථාන වල මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින්, කඩිනමින් එම අර්බුදය විසදන ලෙස ආණ්ඩුකාර වරයා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාට උපදෙස් දුන්නේය .

මෙයට පෙර ලැයිස්තුගත කරන ලද කඩ හිමි ලැයිස්තු හා ඒවායේ නෛතික භාවය සහ යෝජනා වී ඇති විසදුම් අධ්‍යනය කොට අදාල ගැටලු සම්බන්ධයෙන් සති 02ක් තුල වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසද ආණ්ඩුකාර වරයා ලේකම් වරයාට උපදෙස් ලබා කැඳවීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළ අතර, ඒ සදහා  පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් ද ස්ථාපිත කිරීම සිදුවිය. අධිකරණ සහ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මැදමහනුවර ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු මන්ත්‍රීවරුන්, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක, සාමාන්‍යධිකාරි රොෂාන් කුමාර ,මහවැලි  අධිකාරිය,  ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය නියෝජනය කරමින් මහත්ම මහත්මීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක් වූ බව Kandy Prime News වාර්තා කරයි

Exit mobile version