තෙල් ඇමති හමුදාව පාවා දෙයි. තෙල් පෝලිමේ හමුදා භටයාට පිහියෙන් අනි.

ඊයේ උදෑසන තෙල් ඇමති  කාංචන විජේසේකර මහතා කූපන් සිද්ධිය පිලිබදව පිළිතුරු ලබා දෙමින් හමුදා ආරක්ෂක විදි විධාන අමු අමුවේම පාවා දුන්නේය. ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව කල වගකීම් විරහිත ප්‍රකාශයෙන් පසුව රට පුරා ස්ථාන කිහිපයක හමුදාව ට සාමාන්‍ය ජනතාව පාලනය කිරීමට නොහැකි විය. සාමාන්‍ය ජනතාව සතුව හමුදාවට තිබු ගරුත්වය ඊයේ සිට විශාල වශයෙන් අඩු විය.

එම ප්‍රකාශයෙන් පසුව ඇඹිලිපිටිය 100 IOC ඉන්ධන හල තුල ඉන්ධන හලේ ආරක්ෂාවට යොදවා සිටි හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි ඇඹිලිපිටිය කඳුරුගස්ආර ඉංජිනේරු සේවා කඳවුරේ සේවය නියුතු   සා.සේ. 250962 රොෂාන් වංශා නැමති භටයෙකු වේ.

 වාර්තාවන ආකාරයට එම IOC ඉන්ධන හලට ඊයේ (03) දහවල් 12.00 ට පමණ ඉන්ධන පැමිණ තිබේ. දහවල් 03.20 ට පමණ ඉන්ධන නිමා වී ඇති අතර එසේ නිමා වීමත් සමගම පෝලිම් වල සිටි ජනතාව ඉන්ධන හල තුලට එක් වරම කඩා වැදී තිබේ. ඒත් සමගම විවිධ ස්ථානවල සිටි හමුදා භටයන් තනි වී තිබේ. එසේ තනි වීමත් සමගම ඔවුන් ජනතාව අතරට කොටු වී ඇති අතර එසේ කොටුවීමත් සමගම කවුරුන් හෝ පුද්ගලයෙකු එම ස්ථානයෙන් යනගමන් එම සෙබලාගේ අත කපාගෙන ගොස් තිබේ. ඔහු මේ වනවිට ඇඹිලිපිටිය මහා රෝහලේ අංක 7 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මේ වන විට ඔහු සොයා ඇඹිලිපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

එසේම සෑම ඉන්ධන හලකම සිටින්නා සේම මෙම ඉන්ධන හල අවටද චන්ඩින් සිටින බව වාර්තා වී. මිට පෙර දිනයක මෙම ස්ථානයේම අවුරුදු 70 ක් පමණ වයසැති පුද්ගලයෙකුට එම චන්ඩින් පහර දී තිබුණි. එසේම පොලිස් පරික්ෂණවලට අනුව එම ප්‍රදේශයේ  එක්තරා නම ගිය චන්ඩියෙකු සතුව යම් පිහියක් වැනි ආයුධයක් තිබෙන බවටද හදුනාගෙන තිබෙන බවද වාර්තා වේ. මීට පෙර සියලුම අවස්ථාවලදීද එම ස්ථානයේ විවිද කලහයන් සිදුකර ඇත්තේ එම පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් බවද වාර්තා වේ.   

  

Exit mobile version