මේ වන විට වරින් වර තෙල් මිල සංශෝධනය වූ අතර නැවතත් තෙල් මිල වැඩි කල යුතු බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වා දෙයි.
2021 වර්ෂයේ දෙසැම්බර් මාසය වනවිට තිබු මිලට වඩා මේ වන විට ලෝක වෙළද පොලේ මිල වැඩි වී ඇති බවද, ඒ හේතුවෙන් සංස්ථාව පාඩු ලබන බව ද ඔවුන් පෙන්වා දෙයි. ඔවුන් සදහන් කරන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 192 ක් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 169 ක්ද විය යුතුය.
කෙසේ වුවද, මෑතකදී ඉන්දියන් ඔයිල් සමාගම මිල වැඩි කර තිබේ.