තෙල් වලිනුත් ගැහිල්ලක් –  රුසියාව තෙල් දෙන්න අහද්දී ලංකාවේ බලධාරීන් ජනතාව බිල්ලට දෙයි.

රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැති බව විවිධ වාර්තා මෙන්ම සමාජ ජාලාවල වාර්තා වෙයි..

එම වාර්තා වලට අනුව තෙල් බැරල් මිලියන 24.9ක් රැගත් රුසියානු තෙල් නැව් 35ක් සූවස් ඇළ වෙත පැමිණ තිබේ.

රුසියාවේ උගරල්ප් තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 313,000ක් දක්වා වැඩි වී ඇති අතර රුසියාවට තෙල් අලෙවි කර ගැනීමට නොහැකි වී තිබෙන බවද වාර්තාවල සදහන් වේ.

සූවස් ඇළේ සිට රුසියානු තෙල් නැව් වලට කඩිනමින් කොළඹ වරායට පැමිණිය හැකිමුත් ශ්‍රී ලංකාව තවදුරටත් මැදපෙරදිගින් තෙල් මිලට ගැනීමට ක්‍රියාකරන බව හෙළි වී ඇත. නමුත් ආරංචි මාර්ග පවසන්නේ කොමිස් මුදල් මත යැපෙන ශ්‍රී ලංකාවේ කොමිස් කාක්කෝ නොහොත් අදාළ වගකිව යුතු රාජ්‍ය බලධාරීන් එයට ඉඩ නොදෙන බවයි.

මේ සිද්ධිය සත්‍යයක් නම්, අඩු මුදලට මෙන්ම, රුපියල් වලටද ඉන්ධන ලබා දීමට කැමැත්ත පළකර තිබියදීත්, එසේ ගෙන්වා මෙම ඉන්ධන ගැටලුව විසදන්නේ නැත්තේ ඇයිද යන්න, සහ එය නොකිරීමට හේතුව වහාම හෙළිදරව් කිරීමට ලංකා ඛනිජ තෙල් බලධාරීන් කටයුතු කල යුතුය.

මීට දින කිහිපයකට පෙර මහජන යුතුකම් කේන්ද්‍රය ද රුසියානු තානාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක් සිදු කලේද ඒ වෙනුවෙනි. ඔවුන් මීට පෙර මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරන ලදී. ඔවුන්ගේ මාධ්‍ය නිවේදනය පහතින් දක්වා තිබේ.

රුසියාවෙන් තෙල් සහ ගෑස් ලබාගත් විට පොහොර නොමිලේ අර්බුදය මුවාවෙන් තවත් වංචාවක්

“ශ්‍රී ලංකාව හා රුසියාව අතර පැවති දිගු මිත්‍රත්වය ප්‍රයෝජනයට ගනිමින් අතරමැදියන් අතර නොව රජයන් රජයන් අතර ගනුදෙනුවක් වශයෙන්  රුසියාවෙන් තෙල් සහ ගෑස් ලබා දීමේදී එයට සහනයක් වශයෙන් පොහොර නොමිලේ ලබාදීමට රුසියානු රජය එකඟතාවය පළ කර ඇති බව  අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

එහෙත් මෙරට දූෂිත රාජ්‍ය නිලධාරීන් හා මේ රටේ දූෂිත ව්‍යාපාරික පැලැන්තිය සමග එක්ව මෙරට පවතින අර්බුදය තමන්ගේ වාසියට හරවා ගනිමින් රුසියානු රජය සමග නොව එරට පිහිටි පෞද්ගලික සමාගම් මගින් රසායනික පොහොර ආනයනය කිරීමට සැරසෙන බව  විශ්වාසදායී කටයුතු මගින් ආරංචි වේ

 රුසියාවේ පිහිටි ශ්‍රී ලංකාවේ  තානාපතිනිය ජාවාරම්කරුවන් සමග ද ?* ??*

මෙරට සහල් ව්‍යාපාරයට සම්බන්ධ හිටපු ජනාධිපතිවරයෙකුගේ සොහොයුරකු  මෙයට  මැදිහත්ව ඇති අතර ,අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන තම මල්ල තරකර ගැනීම ඔහුගේ අභිප්‍රාය වෙන බව පසක් වේ.

රුසියානු රාජ්‍යයේ සිටින රුසියානු රජය හා සම්බන්ධ මෙරට දේශප්‍රේමි බලවේග ආරංචි මාර්ග සඳහන් කරනුයේ  අතරමැදියන් අතර නොව රජයන් රජයන් අතර ගනුදෙනු කිරීමට රුසියාව කැමැත්තෙන් පසුවන බවත්  පුද්ගලික මට්ටමෙන් ගනුදෙනු  කිරීම මගින් ශ්‍රී ලංකාවේ  ජනතාව තවත් අපහසුතාවයන්ට පත් වනු ඇති බව රුසියානු රජය හිතන බවයි.

එබැවින් එය මගහරවා ගැනීම සඳහා සහ එල්ල වන අපවාද වලින් මිදීම සඳහා රජයන් රජයන් අතර ගනුදෙනු කිරීම වඩා සුදුසු බව රුසියානු රජයේ අදහස බව මේ අනුව පෙනී යයි 

දේශපාලඥයන් සේම ඔවුනට තුරුලු වී රටේ ආර්ථිකය සූරාගෙන කන මෙරට ව්‍යාපාරික පැලැන්තිය  තක්කඩි නිලධාරි පැලැන්තිය රට උගසට තබා හෝ තම මඩිය  තරකර ගැනීමට  කරනු ලබන මෙම නින්දිත උත්සාහය පරාජය කළ යුතුව ඇත

පවතන මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදය විසඳීම සඳහා රුසියාවන් ඉන්ධන සහ ගෑස් ලබා ගැනීමටත් ඒ සඳහා *නොමිලේ* ලැබෙන පොහොර මෙරටට ගෙන්වා ගැනීමටත් ශ්‍රී ලංකා බලධාරීන් වහා කටයුතු කළ යුතුව ඇත

 *අන්ත දූෂිත ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකා මාතාව තවදුරටත් දූෂණය කිරීමට ඉඩ ලබා නොදිය යුතුව ඇත*

මහජන යුතුකම් කේන්ද්‍රය”

ලෙස ඔවුන්ද සිය නිවේදනයේ සදහන් කර තිබේ. තවමත් පාඩම් නූගත් ශ්‍රී ලාංකික කොමිස් කාක්කන් මේ කරන්නේ නැහැදිච්ච වැඩක් බවද, එසේ කරන්නේ කවුරුන්ද යන්න වැඩි දවසක් නොගිහින් ජනතාව අනාවරණය කරගනු ඇති බවද, එදිනට ඔවුන්ට ද සිදු වන්නේ දූපතක් වත් නොමැතිව ජනතා අධිකරණය ඉදිරියේ අසරණ වන්නටය. එබැවින් මේ සිද්ධිය පිලිබඳව සොයා බලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිළිතුරු සැපයිය යුතුය.

Exit mobile version