තෙවන මාත්‍රාව ලබාදීම පිළිබඳ සාකච්ඡාවක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාව ලබා දීම සඳහා වන ක්‍රමවේදයන් මේ වන විටත් සකස් කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද වහාම අදාළ එන්නත් ලබා දීමේ කටයුතු ආරම්භ කරන බවයි.

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ සෞඛ්‍ය අංශවල සිටින අයට මෙන්ම කොවිඩ් වසංගතය සමග හැසිරෙන අනෙකුත් සියලු අංශවල අයට ද තෙවන මාත්‍රාව ලබා දීමේ දී ප්‍රමුඛස්ථානය ලබාදෙන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ පිළිබඳව අදහස් දක්වා ඇත.

Exit mobile version