තෙවැනි මාත්‍රාවක් ලෙස ලබා ගන්නා එන්නත

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා ඇත්තේ ,තෙවන එන්නත් මාත්‍රාවක් වශයෙන් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විටත් ඇණවුම් කර ඇති බවත් ඒ සඳහා අත්තිකාරම් මුදල් මේ වන විටත් ගෙවා අවසන් බවත්ය.

එම එන්නත් සඳහා අවශ්‍ය මුදල් ලෝක බැංකුව මගින් ඔක්තෝබර් මස 01 වන දා වන විට ගෙවීමට නියමිතව ඇත.

මේ ආකාරයට තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීම පිළිබඳව නිර්දේශය පසුගිය මැයි මාසයේ දී එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේෂඥ කමිටුව විසින් සිදුකළ බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා විසින් ඒ අනුව ඇණවුම් කර මාස 06කට පසුව එන්නත් ලබා දීය හැකි බවත් පවසා ඇත.

Exit mobile version