ගල්ගමුව වනජීවි කලාපය ආශ්‍රිතව දිවි ගෙවූ තේක්ක රාජා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන හස්තියාගේ සිරුර ඊයේ (26) සොයාගෙන ඇති බව වාර්තා වේ.
ගල්ගමුව – තාමරේ ග්‍රාමයේ වන ලැහැබක තිබියදී මෙම සිරුර සොයාගෙන ඇති අතර වනජීවි නිළධාරීන් සැක පළ කරනු ලබන්නේ මෙම හස්තියා මීට මාසයකට පමණ පෙර මියයන්නට ඇති බවයි.
වන සතුන්ට ඇටවූ බදින තුවක්කුවක් පත්තු වී ඇතාගේ ඉදිරිපස වම් පාදයට මීට වසර 4කට පමණ ඉහතදී හානි වී තිබූ අතර එහිදී වනජීවි නිලධාරින් අවස්ථා ගණනාවකදී ප්‍රතිකාර ලබා දී තිබුණත් තුවාලය සුව වී නොමැති බව සදහන්.
අවසන් වරට පසුගිය ජූනි මාසයේදී ගල්ගමුව වනජීවි නිළධාරීන් විසින් ප්‍රතිකාර ලබා දී තිබුණත් ඉන්පසු තේක්ක රාජා සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වී නොතිබුණි.