තේ බී රෝගි වූ ගුරුවරුන් 6ක් රෝහලේ.

පානදුර පාසලක  තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයකින් ගුරුවරියන්  හය දෙනෙකු  රෝහල් ගත කර ඇති බවට පානදුර උතුර පොලිසිය පවසයි.

ගුරුවරියන් පිරිස අද විවේක කාලයේ තේ පානය කර ඇති අතර , එයින් යම් ආසාද්මිකතාවක් ඇතිවන්නට ඇති බවට සැක පළ කරන බවට පොලිසිය පවසයි.

අසනීප වූ ගුරුවරියන් හය දෙනකු පාරදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔවුන් ක්ලාන්තය , වමනය සහ හිස කැරකැවිල්ල යන රෝග ලක්ෂණ වලින් පෙලෙන බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version