තේ වගාකරුවන්ට අඩුවට පොහොර .

තේ සඳහා යොදන පොහොර වෙළෙඳපොළේ අලෙවි කරන මිලට වඩා රුපියල් දෙදහසක් අඩුවෙන් වගාකරුවන්ට ලබාදෙන බවට, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා සඳහන් කළේ රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම නිෂ්පාදනය කරන සියලු තේ පොහොර එලෙස ලබාදෙන බවයි.

තේ සඳහා යොදන පොහොර වර්ග මිල ගණන් තවත් අඩුකර ගැනීමට උත්සහ දරමින් සිටින බව ද, අමාත්‍යවරයා කියා සිටියේය.

Exit mobile version