තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනයට පියවර

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරන්නේ තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බවයි.

එමෙන් ම ඔහු මෙහි දී සඳහන් කර ඇත්තේ ගිය වසරේ තේ කිලෝ මිලියන 280ක් නිෂ්පාදනය කර ඇති අතර මෙම වසරේ මේ වන විට එම ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවයි.

රබර් නිෂ්පාදනය තුළින් ද ඉතිහාසයේ වැඩිම අපනයන ආදායමක් ලැබී ඇත්තේ මෙම වසර තුළ දී බවත් කෘෂි බෝග අපනයනය තුළින් වැඩිම අදායමක් ලබා ඇත්තේ ද මේ වසරේ බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර ඇත.

අද (20) පැවති පාර්ලිමේන්තුවේ දී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇත.

Exit mobile version