විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති පරිදි මාර්තු 18 වන සෙනසුරාදා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ පිලිබදව පැවත්වෙන විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ පිලිබදව වැඩි දුරටත් කරුණු සදහන් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත්තේ මාර්තු 18 දින පෙරවරු 9.00 සිට පස්වරු 12.10 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී එම විභාගය පැවැත්වෙන බවයි.
ඒ මහතා තව දුරටත් සදහන් කර ඇත්තේ මෙම විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තුවන සියලුම අපේක්ෂකයින් සඳහා ප්‍රවේශ පත්‍ර පෞද්ගලිකව බාගත කළ නොහැකි වන බවත් තම පාසැල් මඟින් එම කාර්ය සිදුකළ යුතු බව හා අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය, ජාතික හැඳුනුම්පත් අංක හා ස්ත්‍රී/පුරුෂ සංශෝධන එම වෙබ් අඩවිය තුළින්ම විදුහල්පතිවරුන්ගේ සහාය මත සැකසිය යුතු බවයි.
තවද එම අදාළ සංශෝධන ලබන 12 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව හා සංශෝධන කල හැකි දිනයන් නැවත දීර්ඝ නොකරන බවද එම මහතා ප්‍රකාශ කොට ඇති බවයි සදහන් වන්නේ.
චායාරූප අන්තර්ජාලයෙන්.