තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අභියාචනා විභාග කිරීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශයන්හි සිදු කිරීමට තීරණය කර ඇත.
මෙම කොමිෂන් සභාව වෙත ලැබෙණ පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව එය කොළඹින් පිට ප්‍රදේශයන්හි ද සිදු කිරීමට එම කොමිසම තීරණය කර ඇත.
මීට ඉහත දී එම අභියාචනා විභාග කිරීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් සිදුකරණු ලැබීය.
එහි ප්‍රථම අදියර වශයෙන් පසුගිය දා යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අභියාචනා විභාග කිරීමේ කටයුතු සිදුකර ඇත.
ඉදිරි සති කිහිපයේ දී මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙහි තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද එම කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
එමෙන්ම එම කොමිෂන් සභාව විසින් තොරතුරු ලබාදෙ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මේ වන විට ඒ වෙත ලැබී ඇති අභියාචනා අතුරින් වැඩි සංඛ්‍යාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්වලට සම්බන්ධ ආයතන හා සම්බන්ධයෙන් ලැබී ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව සඳහන් කර ඇත.
එමෙන්ම රජයේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ද සැලකිය යුතු අභියාචනා ප්‍රමාණයක් ලැබී ඇති බව ද එම කොමිසම ප්‍රකාශ කරයි.