තෝරු, මෝරු අල්ලන්නම්, පොඩ්ඩක් ඉන්න. දේශබන්දු කියයි

ලබන වසරේ මාස 6ක් යන විට ලංකාවේ කුඩු තියෙනවා කියන කතාව, අවසන් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කලේය.

නුගේගොඩ පොලිස් කොට්ඨාසය තුළ මත්ද්‍රව්‍ය හා බෙදාහැරීමේ ජලයේ 293 දෙනෙක් ක්‍රියාත්මක බවත් යුක්තිය මෙහෙයුම යටතේ සතියක් තුළ ඉන් 105ක් අත්අඩංගුවට ගත් බවත් වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කලේ නුගේගොඩදීය.

පොඩි මිනිසුන් පමණක් අත්අඩංගුවට ගන්නවා රටට කුඩු ගේන තෝරූ මෝරූ අල්ලන් නෑ යනුවෙන් මහජනතාව පොලිසියට එල්ලකරන චෝදනාවට දේශබන්දු මහතා මෙහිදී පිළිතුරු දුන්නේය.

කුඩා ප්‍රමාණයේ පිරිස්, මධ්‍යම ප්‍රමාණයේ ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම හරහා මෙරටට කුඩු ගෙන්නන දැවැන්තයන් කව්ද යන්න දැනගෙන ඔවුන් ද නීතියේ රැහැනට කොටු කර ගන්නා බව ද පොලිස්පතිවරයා සදහන් කලේය.

Exit mobile version