ඊයේ (14) රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කි.මි. 35.9 කණුව ආසන්නයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නවතා තිබු ලොරි රථයක මොටර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ලොරි රථය පින්නදුව දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා පරික්ෂා කරමින් සිටින අතරතුර එම දිසාවටම ධාවනය වූ මෝටර් රථයක් නවතා තිබු ලොරි රථයේ පිටුපස වැදීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෝටර් රථයේ ගමන් ගත් සිවු දෙනකු අනතුර හේතුවෙන් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 70ක් හා 75ක් වයසැති දෙදෙනකු මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ
පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.