දක්ෂිණ අධිවේගියේ මාරක අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය,ගැලනිගම ප්‍රදේශයේ දී අද (15) අලුයම සිදු වූ මෝටර්රථ අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇත.

එහි ගමන් ගත් තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බව ද  පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ කතරගම වන්දනාවේ ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මිල්ලනිය 18 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී ආරක්ෂිත වැටෙහි ගැටීමෙනි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දියණිය සහ 39 හැවිරිදි ඇගේ පියා බව පොලිසිය සඳහන් කරයි.

Exit mobile version