ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (24) දින සුදුසුකම් ලබා ගන්නා ලදී.
ඒ ඊයේ (24) දින එංගලන්තය සමග පැවති දෙවන අවසන් පුර්ව තරගයෙන් ලකුණු 6 ක ජයක් වාර්තා කිරීමත් සමග බව වාර්තාවේ.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දු ඕවර් 20 අවසානයේ කඩුළු 4 ට ලකුණු 164 ලබා ගත් අතර පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගැනීමට හැකිව ඇත්තේ ලකුණු 158ක් පමණි.
ඒ අනුව ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් සුදුසුකම් ලබා තිබේ.