දකුණු ආසියානු කලාපයේ කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ.

මෙරට තුළ දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණද යන්න අනුපාත සැකසීමේදී මේ වන විට දකුණු ආසියානු කලාපයේ රටවල් 8ක් අතුරින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ සිටියි.

මෙම අනුපාතයට අනුව බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල් පිලිවෙලින් දෙවන, තෙවන, සිවුවන, පස්වන හා හයවන ස්ථානවල සිටියි.

මීට පෙරදී ශ්‍රී ලංකාව මෙම වාර්තාවේ සිව් වන ස්ථානයේ සිටි අතර පසුගිය දින 10 තුළ දෛනික මරණ සීග්‍ර ලෙස වර්ධනය වීමත් සමඟ ලයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව තුළ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග කොළඹ අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ දැඩි තදබදයක් දක්නට ලැබේ.

එසේම රාගම ශික්ෂණ රෝහල තුළද අංක 26 කොවිඩ් වාට්ටුවේ කොරිඩෝව තුළ මළ සිරුරු කිහිපයක් තබා ඇති අයුරු ද දක්නට ලැබුණි.

Exit mobile version