දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තු සහිත රට ශ්‍රී ලංකාව බවට වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය අනාවරණ කර ඇති බව වාර්තා වේ.
ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ දකුණු ආසියාවේ රටවල නිවසක සාමාන්‍ය විදුලි බිල මෙන් තුන් ගුණයකින් වැඩි විදුලි ගාස්තුවක් ශ්‍රී ලංකාවේ නිවසක විදුලි බිල ලෙස ගෙවීමට සිදුව ඇති බවයි.
වෙරිටේ රිසර්ච් සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවට පසු දකුණු ආසියාවේ දෙවැනියට වැඩිම විදුලි ගාස්තු ක්‍රියාත්මක වන්නේ පාකිස්තානයේයි.
නමුත් එම ගාස්තු ද, ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු අගයක පවතින බව සදහන්.
විදුලි ඒකක 100ක් පරිභෝජනය කරන ශ්‍රී ලංකාවේ නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිතා කරන පකිස්තානයේ නිවෙස්වලට වඩා 50%කින් ඉහළ බව සමීක්ෂණයෙන් අනාවරණ වී තිබේ.
ඒකක 300ක් භාවිතා කරන නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව 97%කින් ඉහළ බවට වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය පෙන්වා දෙයි.
මෙවැනි පසුබිමක පසුගිය ජනවාරි මාසයේදී විදුලි බිල අඩු කරන බව විදුලි බලධාරීන් පැවසුවත්, මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ පෙබරවාරි මාසය තුළද විදුලි ගාස්තු සංශෝධනය නොලැබෙන බවයි.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, මේ වනවිට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ලබන 15 වනදා සිදුකරන බවයි.