දකුණු කොරියානු කථානායකවරයා සිව්දින නිල සංචාරයක් සඳහා සිවයිනට පැමිණ ඇත.
කොරියානු කථානායකවරයා ඇතුළු දූත පිරිස ඊයේ (19) රාත්‍රීයෙ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
දකුණු කොරියානු කථානායක පාක් බියෝන් සෙග් මහතා , කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයකට අනුව එම සංචාරයේ නිරත වීමට නියමිතව ඇත.
ඒ අනුව දකුණු කොරියානු කථානායකවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.