දකුණු කොරියාවේ චිත්‍රපට, නාට්‍ය සහ ගීත නැරඹීම උතුරු කොරියාව විසින් තහනම් කර ඇති පසුබිමක දකුණු කොරියානු නාට්‍ය නැරඹූ 16 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුට උතුරු කොරියාව බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කර තිබේ.
ඊට අදාළ දුර්ලභ වීඩියෝවක් විදෙස් මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර එළිමහන් ක්‍රීඩාංගණයක සිසුන් සිය ගණනක් ඉදිරියේ එරට බලධාරීන් විසින් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන දුර්ලභ වීඩියෝවක් BBC විසින් මුදාහැර තිබේ.
කෙසේ නමුත් ඉන් පෙනෙන්නේ දකුණු සහ උතුරු කොරියානු සාමාන්‍ය ජනතාව අතර යම් සහයෝගයක් තිබෙන බවත්, ඔවුන් අතර සාමයක් තිබෙන බවයි.