දකුණු පළාතේ පාසල් පැවැත්වීම සතියේ දින 05 පුරාවට

හෙට (25) සිට යළිත් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් විවෘත කිරීමට නියමිතව ඇත.

මේ අතරේ දී දකුණු පළාත් පාසල් හෙට සිට එළඹෙන 29 වනදා තෙක් සතියේ දින 05 පුරාවට පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේ පාසල්වලට පැමිණීමට අපහසු විදුහල්පතිවරුන්, නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් ,ගුරුභවතුන් ,අනධ්‍යන කාර්ය මණ්ඩලවලට බලපෑමක් නොවන අයුරින් මෙම තීරණය ගත් බවයි.

කෙසේ නමුත්, දකුණු පළාත තුළ මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වුව ද පසුගියදා තීරණය කළේ පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් සතියට දින 03ක් පමණක් පාසල් පැවැත්වීමට නියමිත බවයි.

Exit mobile version