2024 ජනවාරි මස 01 වැනි දින සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන වෙනස් කර තිබේ.
ඒ අනුව මෙතෙක් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි ශීඝ්රගාමී දුම්රිය පෙරවරු 05.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන්ආරම්භ කරන අතර සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා ශීඝ්රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේ ද ධාවනය කිරීමට නියමිතව තිබේ.
සතියේ දිනවල රාත්රී 08.35ට මරදාන සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්රියේ ගමනාන්තය 2024.01.01 දින සිට අලුත්ගම දක්වා ද පස්වරු 02.00ට මරදාන සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය 2024.01.01 දින සිට පස්වරු 01.55ට මරදාන සිට අලුත්ගම දක්වා ගමනාරම්භ කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.