දකුණු ප්රදේශයේ අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ යන පොලිස් බලප්රදේශවල මෑත කාලයේ දිගින් දිගටම සිදුවූ මිනිස් ඝාතන මෙන්ම විවිධ අපරාධ හේතුවෙන් එම ප්රදේශවල ආරක්ෂාව තර කර ඇති බව වාර්තාවේ.
මෙහි ආරක්ෂක රාජකාරීන් සදහා පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, නාවික හමුදාව සහ යුද හමුදාව ඒ සඳහා යොදවා ඇති බවයි සදහන්වන්නේ.
මේ අතර තුර එම ප්රදේශයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඌරගස්මන්හංදිය, බෝගහවෙල ප්රදේශයේ පිහිටි පාළු නිවසක් තුල තිබී යුද්ධ හමුදා නිල ඇදුම් කට්ටල කිහිපයක් සොයාගෙන ඇති අතර මෙම නිවසේ යුද හමුදාවෙන් පැන ආ සෙබළකු තාවකාලිකව රැඳි සිටි බවට තොරතුරු වාර්තා වී තිබේ.
මෙලෙස සොයා ගන්නා ලද යුද හමුදා නිලඇදුම් ඌරගස්මංහන්දිය පොලීසිය වෙත භාරදී ඇති අතර සැකකරු සොයා පරීක්ෂණ පවත්වනු ලැබේ.