දන්ත කුමරු සහ හේමමාලා දෙපළගේ 58 වන දරු පරම්පරාවට අයත් මී මුණුබුරෙක් වන කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අදිකාරම් මුදියන්සේලාගේ දොන් උදය දීප්ත වසන්ත සෙනවිරත්න යන අය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් ශ්‍රී දළදා වහන්සේගේ සැබෑ ගිහි උරුමය පිළිබඳව කරුණු සාක්ෂියක් ඉදිරිපත් කර ඇත.
ඔහු විසින් සිය කීරවැල්ලේ පරම්පරාවට දළාදා වහන්සේගේ ගිහි භාරකරිත්වය දැරීමට ඇති උරුමය පිළිබඳව සාක්ෂි ඇතුව ඔප්පු කර ඇති අතර මේ දිනවලදී කතාබහට ලක්ව ඇති දළදා මාලිගය තුළ සිදුවන දූෂණ වංචා පිළිබද ද මල්වතු අස්ගිරි උභය විහාර පාර්ශවයේ මල්වතු අනුනායක හිමි පහමුණේ සුමංගල අනුනායක හිමි සමග සාකච්ඡා කර ඇති අතර එහි දී අනුනායක හිමි විසින් සඳහන් කර තිබුණේ දියවඩන නිලමේ වරයා ටික දිනකින් නිලවරණයක් පවත්වා ඉවත් වී යාමට සූදානම් වන අවස්ථාවේ දී ඔහුට කරන මඩ ගැසීමක් බවයි.
එමෙන් ම ඔහු එහිදී දළදා වහන්සේ ජපානයේ කෝබේ යන විහාරය වෙත 2012 වසරේ දී දියවඩන නිලමේවරයා විසින් මිලකළ සිද්ධිය සම්බන්ධයෙන්ද සඳහන් කර ඇත.
එමෙන් ම දළදා මාලිගය තුළ දියවඩන නිළමේ නම් තනතුරක් නොමැති බවත්, දළදා වහන්සේගේ ගිහි භාරකාරිත්වය රාජධානි 04ක් පුරාවට (කෝට්ටේ,රයිගම,සීතාවක,කන්ද උඩරට) සිය දිවි දෙවැනි කොට සිරි දළාදා වහන්සේ රැක ආරක්ෂා කිරීම නිසා පළමුවන විමලධර්මසූරිය රජු හා කුසුමාසන දේවිය විසින් කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්නතුමන්ව ජීවත්ව සිටිය දීම ජාතික වීරවරයෙකු ලෙස නම් කර “දිවනිළමේ” යන රාජකීය තනතුරෙන් දළාදා වහන්සේගේ ගිහි ආරක්ෂකයා ලෙස ඔහුව පත්කර ඇති බවත් මෙම රාජ්‍ය පිදුම් උත්සවයේ දි මුල් ඇඳුම ලෙස ප්‍රචලිත මුල් රාජකීය ඇඳුමින් ඔහු සැරසී ඇති බවත් පෙන්වා දී ඇත.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසර 167 පුරාවට යම් වරදක් සිදුවන බවත් ඒ සියල්ල සඟවමින් මෙපමණ කලක් කටයුතු සිදුකරන බවත් වන අතර ඔහු අනුනායක හිමිගෙන් විමසන්නේ වසර ගණනාවක් පුරාවට මේ වන තෙක් දළදා වහන්සේගේ ප්රාතිහාර්යයක් පෙන්නුම් නොකරන්නේ මන් ද යන පැනයයි.
එමෙන් ම කීරවැල්ල පරම්පරාවේ කොබ්බෑකඩුවේ මහා නායක හිමි කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවසේ සන්නසක් ලියා ඇති අතර එහි පැහැදිලිව සඳහන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ වාම ධන්ත ධාතූන්වහන්සේගේ උරුමකරු ,මහා සම්මත උරුමකරුවෙකු විය යුතු බව වන අතර එම සන්නස් පුස්කොළපොත් අදිය මේ වන විටත් පැහැදිලිවම ඇති බවද අනුනායක හිමිට පෙන්වා දී ඇත.
දන්ත ධාතූන් වහන්සේ ජපානයට විකුණුවා කියා හඩ අවධි වන විටත් මහා සංඝරත්නය නිහඩ වන්නේ ඇයි?
1814 වසරේ දී දළදා වහන්සේ ගේ ගිහි භාරකාරිත්වය ඩොයිලි ආණ්ඩුකාරවරයා විසින් කීරවැල්ල පරපුරට අහිමි කරන ලදී.ඒ 1814 වසරේ දී ජෝන් ඩොයිලි විසින් තමන්ට ගැතිකම් කළ මොල්ලිගොඩ,එක්නැලිගොඩ,කපුවත්තේ අධිකාරම් යන අය මහනුවර මගුල් මඩුවේ දී සිදුකරන ලද කතාබහකින් අනතුරුව ඒ වන තෙක් කීරවැල්ල පරම්පාරාව සතුව තිබූ ශ්‍රී වාම දළදා වහන්සේගේ ගිහි හිමිකාරිත්වය උදුරා කපුවත්තේ අධිකාරම් වෙත ලබා දීමෙන් අනතුරුවය.
ඒ අනුව 1814 වසරේ දී දළදා වහන්සේගේ නිළ නොලත් ගිහි භාරකාරිත්වය පළමු දියවඩන නිළමෙවරයා වශයෙන් කපුවත්තේ අදිකාරම් පත්විය.
කපුවත්තේ අධිකාරමි විසින් තමන්ට හිමි නොවූ තනතුරක් ලබාගැනීම වෙනුවෙන් අල්ලසක් වශයෙන් සිය දියණියන් දෙදෙනා ආණ්ඩුකාර ඩොයිලි හට පාවා දී ඇත.මේ අයුරින් දළදා වහන්සේගේ ගිහි භාරකාරිත්වය කූඨ අයුරින් අධිකාරම් විසින් හිමිකරගෙන ඇත.
එතැන් පටත් ජෝන් ඩොයිලි විසින් සංඝ පීතෘ වහන්සේලා ඝාතනය කරමින් මුළු කීරවැල්ල පරපුරම විනාශ කිරීමේ අදිඨනින් කටයුතු කර ඇති අතර 1815 වර්ෂයේ දී දළදා තේවාව සිදුකළ කීරවැල්ලේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ විසින් තමන්ට සහ දළදා වහන්සේට අනතුරක් වේ යැයි යන චේතනාවෙන් දළදා වහන්සේද රැගෙන සැඟව ඇති අතර පසුව මෙම කාලයේ දී සියලුම කීරවැල්ල සංඝ පීතෘන් වහන්සේලා, කීරවැල්ල රජදරුවන් හා ඔවුන්ට පක්ෂ සියලුම දෙනා ඝාතනය කර ඇත.
ඒ අනුව දන්තකුමරු හා හේමමාලා පරපුර විසින් බුද්ධ ආදාහන මළුවේ සිට අඛණ්ඩව වසර 2341ක් පුරාවට ආරක්ෂා කළ දන්ත ධාතූන් වහන්සේ එම පරපුරට අහිමි කර ඇත.
මේ සියලු ඉතිහාසය පිළිබඳ කරුණු, සාක්ෂි එක්කරමින් ඔහු සිය හඬ නගන්නේ මේ වන විට දළදා වහන්සේට සිදුව ඇති අකටයුතුකම් තවදුරටත් සිදු වීම මැඩ පැවැත්වීමට මෙන්ම වසර ගණනාවක් පුරාවට සිදුව ඇති මෙම වංචාව නිවැරදි කිරීමටයි.
මේ සියල්ල පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අනුනායක හිමියන් විසින් මේ සම්බන්ධයෙන් සොයාබලන බවටද පොරොන්දු වී ඇත.
එමෙන් ම පසුගිය දින බෞද්ධ කටයුතු කොමසාරිස් වෙතටත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දියවඩනේ නිළමේ නිලවරණය නොපවත්වන ලෙසට ලිපියක් ද භාර දී ඇති අතර එයට හේතුව දියවඩන නිළමේවරුන් 19 දෙනෙක්ම මේ වන විට පත්ව ඇත්තේ නිවැරදි ක්‍රමවේදයට නොවන බැවිනි.
එමෙන්ම ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ද ඉල්ලා සිටින්නේ මෙම බොරු වංචා රටට ලෝකයට හෙළි කර ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසයි.