දන්ත ධාතූන් වහන්සේ ජපානයට විකුනුවාද?. දන්ත ධාතූන් වහන්සේට ඇයි මේ අගෞරව.

මේ විශේෂ ලියුම්කරුට ලැබී තිබෙන ලිඛිත  සත්‍ය තොරතුරු අනුව, ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේගේ බාරකරුවන් විසින් උන් වහන්සේට සිදු වන අගෞරවයන් හේතුවෙන් සහ, මාලිගාව තුල සිදුවන බොහෝ අකටයුතුකම් හේතුවෙන් දළදා වහන්සේ ව්‍යාපාර අවස්තාවකට යොදා තිබෙන බව පැහැදිලිය.  දළදා මාලිගාව ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කළාද?. එසේ කළා නම්, එසේ කලේ  කවුද? බෞද්ධ, විහාරගම් දේවාල පනතට අනුව එසේ කල හැකිද?

රාවණා විශේෂ විමර්ශක හදිසියේම නුවර බලා ගමන් කලේ  මේ තොරතුරු ලබා ගැනීමටය. ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ යොදවා ව්‍යාපාර සිදු කරන අය කවුද?. අන්ත දුගීන් ලෙස පැමිණ බෙන්ස් පදින මාලිගාවේ ප්‍රධානීන්  කවුද?. දියවඩන නිලමේ සහ තවත් ප්‍රධාන හිමිනමක් එකතුව ජපානේ හොබේ පන්සලට විකුණු දන්ත ධාතූන් වහන්සේ කුමක්ද?. හොබේ පන්සලේ තිබු එම උත්සවය කුමක්ද? මාලිගාවේ බාරකරුවන් මේ මොනාද කරන්නේ?.  දළදා මාලිගාව යනු කිහිප දෙනෙකු වෙනුවෙන් ලිය උණු ව්‍යාපාරික ස්ථානයක් නොවේ. බෞද්ධ උරුමය නෝර්වේට විකුණන මේ සත්‍ය කතාව ලගදීම උතුම් දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන්, හෙළ බොදු උරුමය සුරැකීම වෙනුවෙන් අප ඔබට ගෙන එන්නෙමු. ලිපි ගොනු 27 ක දූෂිත නඩු 6ක තොරතුරු  සහ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බෞද්ධ කටයුතු  ඇමති ලෙස කොමිෂන් සභාවක් පත් කළාද?. ත්‍යාගයක් ලෙස ලැබුණු ඇත් පැටවුන් වෙනුවෙන් රුපියල් කෝටි  2400 කට ආසන්න මුදලක් කළු සල්ලි සුදු උනේ කොහොමද?. ඒ සල්ලි වලින් ලැබුණු මැණික් ගල් මොනවාද?   බොදු ජනතාව තව දුරටත් විකිණීම , රටේ පාලකයාට පවා ප්‍රශ්න ඇති කරති. අති ගරු ජනාධිපතිතුමන් සමග සමස්ත ජනතාවම අදුරේ වැටී සිටින මොහොතක දන්ත ධාතූන් වහන්සේගේ පිහිට ලබා ගත යුත්තේ කෙසේද?. පාලක පන්තියට පවා අහිතකර යුගයක් ඇති කරන ලද, දළදා මාලිගාවේ වත්මන් භාරකරුවන්ගේ මේ අශික්ඛිත කටයුතු තව දුරටත් ඉවසා බලා සිටිනවාද, නැද්ද යන්න පොදු මහජනතාවගේ තීරණයක් වනු ඇත. සියලු තොරතුරු අප සතුව පවතී.  මෙය වර්තමාන රජය තුල සිදු වන්නක් නොවන බවද, අවුරුදු ගණනාවක් තිස්සේ සිදු  වන්නක් බවද පැහැදිලිව සටහන් කල යුතුය.බලාපොරොත්තුව සිටින්න.

Exit mobile version