14 හැවිරිදි දැරියකගේ මළසිරුරක් දඹුල්ල බකමූණ පාරේ කලවගහා ඇල ප්රදේශයේ නිවසක තිබී හමු වී ඇත.
සිය දියණිය පවුලේ හිතවතෙකු විසින් ඔහුගේ දරුවාට ගණිතය ඉගැන්වීමට යැයි පවසා පසුගිය 06 වනදා රැගෙන ගොස් ඇති අතර ,ඇය නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දැරියගේ මව විසින් දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ලට අනුව ආරම්භ කරන ලද විමර්ශන කටයුතු වලදී ඔවුන් නැවතී සිට ඇති කුලී නිවස පරීක්ෂා කිරීමේ දී එහි ඇඳක් මත තිබී දැරියගේ මෘත දේහය හමුවී ඇත.
ඒ සම්බන්ධයෙන් සොයා බලන විට පසුව අනාවරණය වී ඇත්තේ දැරිය රැගෙන ගිය පුද්ගලයා ඇගේ බිරිඳ සහ දරුවා ද සමග ප්රදේශයෙන් පලාගෙස් ඇති බවයි.
මේ වන විට එම අඹුසැමි යුවළ සොයා දඹුල්ල පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.