මේ වන විට වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සඳහා අනමැතිය හිමිව ඇති බැවින් එය කඩිනමින් සිදු කළ යුතු බවට රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ෂාමන් රන්ද්රජිත් මහතා ප්‍රකාශ කරයි.
උත්සව සමය පැමිණීමත් සමග යළි ඇතිවිය හැකි අහිතකර තත්ත්වය ඊට හේතුව බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම මේ වන විට වයස අවුරුදු 16 – 19 අතර වයස්කාණ්ඩයේ දරුවන් සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් අප සතුව ඇති බවත් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ෂාමන් රන්ද්රජිත් මහතා මෙහි දී පෙන්වා දී ඇත.