මේ වන විට ශ්‍රී ලංකාව පුරා ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් වෙමින් පැවතුනද, භාණ්ඩ වල මිල ඉහල යාමත් සමගම ආර්ථික වශයෙන් යම් පීඩනයක ජීවත් වෙමින් සිටිති. එසේ වුවත් මේ වන විට නැවතත් කොවිඩ් වෛරසය ලංකාව පුරා වැඩි වෙමින් පවතී. එසේම ඔමික්‍රෝන් වෛරසය සෑදෙන දරුවන්ගේද යම් වැඩි වීමක් තිබෙන බවද අද වාර්තා විය .
මේ බව වාර්තා උනේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් චන්නද සිල්වා මහතා සිදු කල අනාවරනයකදීය. ඒ මහතා පෙන්වා දුන්නේ පෙර දිනවල, දිනකදී හමු වූ කොවිඩ් ආසාධිත දරුවන්ට වඩා සංඛ්‍යාත්මකව ඉහල යමින් සිටින බවයි.
මෙයට ප්‍රධානම හේතුව වන්නේ රට සාමාන්‍ය අතට හැරීමත් සමගම බොහෝ දෙනෙකුගේ සංචරණ කටයුතුද බවද අවදාරණය කරන ලදී.
සමාජයේ පවතින විවිධ දුර්මත හේතුවෙන් බොහෝ දෙනෙකු එන්නත්කරණයෙන් බැහැරව සිටින බවද එම තත්වය ඉදිරියේදී පැවතියහොත් රට දැඩි අර්බුදයකට ලක්විය හැකි බවද පෙන්වා දෙන ලදී.
රාවනා සටහන
එන්නත් කරණය පිලිබදව විවිධ දුර්මත සමාජය තුල පැතිරීමට හේතුව වුයේ විවිධ බටහිර වෛද්‍යවරුන් විවිධ අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමයි. වර්තමානයේ පවතින ගෑස් අර්බුදය, විදුලි අර්බුදය, ඉංධන අර්බුදය සේම, පොහොර ඇතුළු කෘෂි රසායන අර්බුදය මෙන්ම සහල් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම් පිළිබදව පවතින අර්බුද සේම විවිද අර්බුද මතු කලේ එම ක්ෂේත්‍ර වල සේවයේ නියැලී සිටින වග කිව යුතු නිලධාරීන් විසිනි. එකම ක්ෂේත්රයේ පවතින ප්‍රශ්න පිලිබඳව එකම ක්ෂේත්රයේ නියැලී විවිධ අය විවිද ප්‍රශ්න සමාජ ගත කරන ලදී. ඒ අයුරින්ම විවිධ බටහිර වෛද්‍යවරුද විවිධ අවස්ථාවලදී මෙම එන්නත්කරණයේ සහ ඉන් පසු සිදුවන අතුරු ආබාධ පිළිබදවද විවිධ ප්‍රකාශ නිකුත් කරන ලදී. එසේම සමාජය තුලද විවිද අතුරු අබාධ වලට ලක් වූ පුද්ගලයන් දැක ගත හැකිය. එකම ක්ෂේත්රයේ එක් අයෙක් අතුරු අබාද නැති බව කියද්දී තවත් කෙනෙකු ප්‍රකාශ කරන්නේ අතුරු අබාධ තිබෙන බවයි.
එසේම පසු ගිය කාලය තුල මෙම අඑන්නත් වල බලය බිදී යාම පිළිබදවද මාධ්‍ය වාර්තා පල විය. ඒවා විශේෂඥන්ගේ ප්‍රකාශද විය. එසේම ලොව පුරා සිදුවන සිදුවීම් පිලිබදව ලංකාවේ මාධ්‍ය ආයතන දැනුවත් නොකලද, පුරවැසියන්ගෙන් විශාල ප්‍රමාණයක් ලොව පුරා සිදුවීම් දෙස අන්තර්ජාලය ඔස්සේ අවධානය යොමු කරති. ඒ හරහා ඔවුන්ට අවැසි සොයා ගනිති.
එබැවින් මෙරට ජනතාව මේ වන විට බොහෝ කරනු සිදුවන අකාරය පිලිබදව දැනුවත් වෙමින් සිටිති. ඒ අන්තර්ජාලය හරහාය. එසේම එකම ක්ෂේත්රය පිළිබදව එම ක්ෂේත්රයන් වල විශේඥයන් ලෙස, විවිධ පුද්ගලයන් විවිධ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඇති වන සැකය දෙස නොබලා සිටීමට නම් සියලු මිනිසුන් හැඟීමක් දැනීමක් නැති මිනිසුන් විය යුතුය.
එබැවින් සියලු ක්ෂේත්රයන් වල බලධාරීන් විසින් ඇති කර තිබෙන මේ විවිද අදහස් වලින් ඇති වන ගැටළු වලට ජනතාවට දොස් තැබීමෙන් පලක් නැත. ඒ සදහා වග කිව යුත්තේ අදාළ බලදාරීන් විසිනි. කුමන රජයක් පැවතියද එම රජයට විරුද්දව කටයුතු කරන බලධාරීන් රට තුල ඕනෑ තරම් සිටිති. කෙසේ වුවද ශ්‍රී ලංකික සමහර දේශපාලකයන් සේම රාජ්‍ය නිලදාරීන්ද වරින් වර විවිධ ප්‍රකාශ නිකුත් කිරීම එම නිලධාරීන්ට විලි ලැජ්ජාවක් නැති කරුණක් වුවාට, ගමේ පුංචි අප්පුද, සීතල කාමරේ සිදුවන දේවල් පිලිබදව හොද හැටි දැනුවත්ය.ඔවුන්ගේ විවිධ කූට අරමුණු හෝ වෙනත් ලාබ ප්‍රයෝජන මත හෝ මෙසේ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් ජනතාවට පහර දීම තුලින් ඇති වන දරුණු තත්වයන් පිළිබදවද ඔවුන්ට කිසිම තැකීමක් නැතිකමද කණගාටුවට කරුණකි.