ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කර ඇත්තේ සාක්ෂි මගින් තහවුරු නොකළ විවිධ පාර්ෂවයන් විසින් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ මෙම දරුවන්ට ලබාදෙන කොවිඩ් මර්දන එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන බවය.
මෙම එන්නත හේතුවෙන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බව පවසමින් පැතිර යන මෙම ප්‍රකාශ අසත්‍ය බවයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කර ඇත්තේ.
වැඩිදුරටත් අදහස් දක්වමින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාගොඩ මහතා සඳහන් කර ඇත්තේ ලෝකයේ අවුරුදු 12 – 15 වයස් කාණ්ඩයේ දරුවන්ට ෆයිසර් දෙවන එන්නත ලබා දීමෙන් පසු “මයෝකාඩයිටීස්” යන ගැටලුව ඇති වී ඇති බවත් එයින් කිසිදු දරුවෙක් මිය නොගිය බවත් ඉතා කුඩා කාලයකට රෝහල්ගතව සිට නැවත නිවෙස් කරා ගොස් ඇති බවට සාක්ෂි පවතින බවත් ශ්‍රී ලංකාවේ තවමත් මේ නිසා දෙවන එන්නත් මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවත් ය.