දකුණුදිග පකිස්තානයේ සිදු වූ බස්රථ අනතුරකින් දරුවන් 11 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙන අතර 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදු වී ඇත්තේ මාර්ගයේ තිබු ගැඹුරු වතුර වලකට අදාළ බස් රථය වැටීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන අතර මියගිය දරුවන් අවුරුදු 02ත් 08 ත් අතර වයසේ පසුවන්නන් බවද වාර්තා වේ
එමෙන්ම මාර්ග අනතුරු වලින් ලොව ඉහළම මරණ අනුපාතයක් පෙන්නුම් කරන රටක් වශයෙන් පකිස්තානය සැළකෙන අතර එරට මාර්ග දැඩි ලෙස අබලන්ව පැවතීම මෙම තත්වයට හේතුවක් වී තිබේ.
ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2018 වසර තුළ පකිස්තානයේ මාර්ග අනතුරු වලින් පුද්ගලයින් 27,000කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් වී තිබෙන බව සඳහන් වේ.