මහ/වත්/මැණික් හින්න බාලක මහා විද්‍යාලයයේ නි.විදුහපතිනිය තරංගනී සෝමතිලක අපූරුවට ගුරු ගෞරවය කෙළෙසා නොවේද ? ළමයින්ට පිට හරහා තලා අහිංසක පියෙකුට බුරන මැය ගුරු මෑණියන් යන නාමයට උචිත අයෙක් ද?දරුවාගේ පිටේ ඇති පහර පිළිබඳ විමසීමේදී එම පියාට ද අසික්කිත ලෙස බැන වදින්නේ ඉගෙනගත් බුද්ධිමත් පුද්ගලයෙක් වශයෙන් නම් නොවේ.
පසුගිය සිකුරාදා පාසැලෙන් පසු අමතර පංතිය නිමවා එන සිය පුතුව නිවසට ගෙන ඒමට ගොස් ඇති පියා සිය පුතු ගේට්ටුව අසළ හඬමින් සිටි හෙයින් කරුණු විමසා ඇති අතර “තාත්තේ පිට රිදෙනවා ” කියූ හෙයින් පරීක්ෂා කරනා විට කෝටු පහර පිට දිගේඉ තදින් වැදී තෙබෙනු දැක කරන ලද කරුණු විමසීමේදී “තාත්තේ ටීචර්ගෙන් නම් අහන්න එපා – ටීචර් අපි ඔක්කෝටම ගැහුවා” යි හොඳටම හඬා ඇත. කුඩා කළ සිටම “ෆිට්” එක හැදෙන , පෙනීමේ දුර්වලතා ඇති මෙම ළමයාට කිසිවිටෙකත් පහරක් දී නැති පියා ඒ පිළිබඳව විමසීමට ගොස් ඇත්තේ ළමයාගේ හැඬීම පියාගේ හදවතට වේදනා දුන් නිසාවෙනි.ඔහු ගුරුවරිය හමුවීමට හිටගෙන සිටි අවස්ථාවේ මෙම තරංගනී සෝමතිලක යන අය පැමිණ හොඳින් අමතනවා වීඩියෝව මොනවට දර්ශනය කරයි.
5 ශ්‍රේණිය සියළු ළමයින්ට 18 සිකුරාදා පාසැලෙන් පසු අමතර පංතියක් පවත්වා ඇති අතර පංතියේ 12ක් පමණ මෙම තරංගනී සෝමතිලක යන අයද ඉතිරි 28 පමණ අචිනි යන ගුරුවරිය විසින්ද උගන්වා ඇත. තරංගනී සෝමතිලක අචිනි ගුරුවරිය පංතියේ උගන්වමින් සිටියදීම අචිනි ගුරුවරියගේ පංතියට ගොස් ශබ්දය වැඩියැයි සියළුම සිසුන්ට කෝට්ටකින් තලා ඇත.
හිත ගැස්සුණු ධම්මික විජේසුන්දර – පියා සිය දරුවාට (ෆිට් එක හැදෙන සහ ඇස් පෙනිමේ දුර්වලතා ඇති ) ඇතිවූ වේදනාව නිසා , මෙය් පිළිබඳව විමසීමට ගිය අතරේ ඔහුට බැන වැදුණු තරංගනී සෝමතිලක යන අය විදුහල්පතිවරයාව දු.ක. අමතා “ළමයෙක්ගේ තාත්තා කෙනෙක් මට තර්ජනය කරනවා , මම මීට පස්සේ පංති කර්න්නේ නැහැ” බොරුවක් කී නිසාවෙන්, ඇය පොලීසියට ගොස් ඔහුට කරදරයක් වේවියැයි බියවූ හෙයින් ඔහු එදින රත්‍රී 8.00ට පමණ මැණික් හින්න පොලිසියට සත්‍ය තොරතුරු පැමිණිළි කර ඇත.
19 සෙනසුරාදා විදුහල්පතිවරයා සහ වීඩියෝවේ සිය තරම ප්‍රදර්ශනය කරන තරංගනී සෝමතිලක නි.විදුහල්පතිනිය පොලීසියට පැමිණ 21 සඳුදා පෙ.ව.8.00ට මෙම පියාට පාසැලට එන ලෙස කියා ඇත.
21 සඳුදා ඔහු පාසැලට ගොස් ඇති අතර 18ද ගුටි කෑ සමහර ළමයින්ගේ දෙමවුපියන් පාසැලෙන් පිට රැඳී සිටිනු දැක , පාසැල් ගේට්ටුව වසා ඇති බැවින් ඔහුද එතැන සිටිනා අතරේ පොලිස් ස්ථානාධිපතිවරයා රැගත් ජීප් රිය එහි පැමිණ මෙම පියාව පමණක් පාසැල තුලට ගෙන ගොස් විදුහල්පතිවරයා සමග කතා බස් කර ඇත. දෙමවුපියන් සිය දරුවන්ට මෙසේ අමානුෂික ලෙස පහරදීම පැමිණිළි කිරීමට කළාප කාර්යාලයයට ගොස් ඇත. ගැට සහිත කෝට්ටකින් ළමුන්ට ගසා ඇති බව කියැවේ.
තරංගනී සෝමතිලක යන අයගේ කතාව මත , මෙම පියාට සියළු වරද පටවා , රැස්වීමක් පවත්වා සියල්ල්න්ගෙන් වැද සමාව ගන්නා ලෙසට මෙම අහිංසක පියාට කියා ඇති අතර ඔහු එය කර ඇත. ?? අහිංසක අසරණ මිනිසුන් පිට හර හා ගුටිත් කා, අශොභන ලෙස ප්‍රසිද්ධියේ බැණුම්ද අසා, වරද කළවුන්ට දණ ගසා වැඳ සමාවද ඉල්ලා සිටිය යුතුය . අහෝ, පාසැල් …. පංසලයි, පාසැලයි , ගමයි පොලීසියයි ඒකතුවී සැබෑව දකිමින් ගමන් නොකළහොත් මහා විනාශ අත ළඟමය. මෙම අහිංසක ප්යා වෙනුවට ඒ යමක් කර කියා ගත හැකි අයෙක් වූවා නම් කතාව බොහෝ වෙනස් වනවාට සැක නැත.
ස්වභාව ධර්මයා තවමත් අන්ධ නැත . අද 2022.11.22 වනතුරු මෙම පියාවත් , පාසැලේ වෙනත් කිසිවෙකුවත් නොදුටු සත්‍යය සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය වී ඇත. මෙම තරංගනී සෝමතිලක යන අයගේ අපුරු , විනීට්ත , ආචාරශීලි කතා බස සහ සකසුරුවම් , ගෞරවනීය හැසිරීම ප්‍රදර්ශනය වන්නේ එම වීඩියෝවෙනි. අද 2022/11/22 කළාප අධ්‍යක්ෂක තුමිය පාසැලට පැමිණ මෙම පියාගෙන් ප්‍රකාශයක්ද ගෙන ඇත.
සමාජ මාධ්‍යය වැදගත් වන්නේ මේ නිසාය. අසරණ පියාව වඳවා සමාව ගත් ලෙසින්ම , විඩියෝව හොඳින් බලා අශොභන ලෙස කතා බස් කරමින් හැසිරී මුළු මහත් ගුරු සංහතියටම අපහාස කරනා ලද තරංගනී සෝමරත්න යන අයට නිසි විනය කටයුතු කරවීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීමය.එම වීඩියෝව පහතින්,