දරුවා පාසල් යන පළමු දවසෙම, ඝාතනය වූ සෞඛ්‍ය පරීක්ෂක! පාසල් යන්න ලැස්ති වෙමින් සිටියදීයි වෙඩි තියලා තියෙන්නේ!

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා  ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඩී. රොෂාන් පුෂ්පකුමාර ඝාතනය කර ඇත්තේ,  තම බාල පුතු පළමු වසරට භාර දීමට සූදානම් වෙමින් සිටියදී බව පොලිසිය පවසයි.

51 හැවිරිදි තිදරු පියෙක් වූ රොෂාන් පුෂ්පකුමාර තිදරු පියෙක් වන අතර ඔහුගේ බිරිය ගුරුවරියකි. සිද්ධිය වූ අවස්ථාවේ දී බිරිය ඇල්පිටිය ඇල්ල ප්‍රදේශයේ ඇය රාජකාරි කරන පාසලට සහ  වැඩිමහල් දරුවන් දෙදෙනා ඔවුනේ  පාසල් වෙත පිටත්ව ගොස් සිට  ඇත.

නිවසේ සිට ඇත්තේ මෙවර පාසලට භාරදීමට සිටි බාල පුතා සහ ඔහුගේ මව පමණකි.

උදෑසන 7ට පමණ  ඇල්පිටිය, පතිරාජ වත්ත ප්‍රදේශයේදී පිහිටි ඔහුගේ නිවසටම පැමිණ ඝාතකයන් ඔහුව වෙඩි තබා මරා දමා තිබිනි.

ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා ය.

රොෂාන් පුෂ්පකුමාර   ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කළේය.   මේ ඝාතනය සිදුවන්නේ කුමක් නිසාද යන්න තවම හෙළි වී නැත.  ඇල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. (Lankasara)

Exit mobile version