දරුවෙක් ඉපදීමට විවාහයක් අවශ්‍ය නැති බව උප්පැන්නයෙන්ම පෙන්වයි.

උප්පැන්න සහතිකය සංශෝධන කිහිපයකින් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම සංශෝධනයන්ට අනුව නව උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ දී අදාළ පුද්ගලයා වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් අංකය නිකුත් කිරීමට පියවර ගනු ලබයි.

එමෙන්ම මෙතෙක් කාලයක් සලකා බලන ලද මව්පියන්ගේ විවාහය සඳහා වන තීරය ඉවත් කෙරෙන බව ද සඳහන් වේ.

එම සංශෝධනය තුළින් නව උප්පැන්න සහතිකය සිංහල – ඉංග්‍රීසි හෝ දමිළ – ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් නිකුත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version