දවසේ  කාලගුණ අනාවැකිය  

2023පෙබරවාරි මස 03 දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය  

දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ දින (02) රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත් වී දිවයිනෙන් ඉවතට ගමන් කරන ලදී. එබැවින්අදදිනයේ (03) සිටදිවයිනේකාලගුණයටඑහිබලපෑමඅඩුවනුඇතැයිඅපේක්ෂාකෙරේ.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දකුණු පළාතේ උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version